සූරා 19 · ජුස් 16
Maryam · 19:9
قَالَ كَذَٰلِكَ قَالَ رَبُّكَ هُوَ عَلَيَّ هَيِّنٌ وَقَدْ خَلَقْتُكَ مِنْ قَبْلُ وَلَمْ تَكُ شَيْئًا
(එය) එලෙසය යැයි ඔහු කීය. එය මා වෙත පහසු කාර්යයකි. මීට පෙර නුඹ කිසිවක් ව නොසිටිය දී සැබැවින්ම මම නුඹ ව මැව්වෙමි යැයි ඔබේ පරමාධිපති කීවේය.
තෆ්සීර්
සැබැවින්ම නුඹේ බිරිය දරුවන් ප්රසූත කරන තත්ත්වයේ නොසිටින බවත් සැබැවින්ම නුඹ අස්ථි දුර්වල වූ වයස්ගත අවසන් කාලයට ළඟා වී ඇති බවත් නුඹ පවසන කාරණාව සැබෑය. නමුත් නුඹේ පරමාධිපති, "වඳ මවකගෙන් හා අවසන් කාලය ළඟා වූ පියකුගෙන් යහ්යාව මැවීම නුඹේ පරමාධිපතිට පහසු කාර්යයකි. අහෝ සකරිය්යා මීට පෙර කිසිවක් නොමැති තත්ත්වයක සිට සැබැවින් මම නුඹව මවා ඇත්තෙමි" යැයි පවසා සිටියේය.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න