සූරා 19 · ජුස් 16
Maryam · 19:10
قَالَ رَبِّ اجْعَلْ لِي آيَةً ۚ قَالَ آيَتُكَ أَلَّا تُكَلِّمَ النَّاسَ ثَلَاثَ لَيَالٍ سَوِيًّا
මාගේ පරමාධිපතියාණනි, මට සලකුණක් ඇති කරනු මැනව ! යැයි ඔහු පැවසීය. ඔබේ සංඥාව වනුයේ නුඹ (කිසිදු හේතුවකින් තොර ව) ඍජු ව රාත්රි තුනක් ජනයා සමඟ කතා නොකිරීමය යැයි ඔහු පැවසුවේය.
තෆ්සීර්
"මාගේ පරමාධිපතියාණනි! මා තැන්පත් වනු පිණිස මලක්වරුන් කවර ශුභාරංචියක් මාහට දන්වා සිටියේ ද එය සිදුවීම පෙන්වා දෙන සළකුණක් මා වෙත ඇති කරනු." යැයි සකරිය්යා පැවසුවේය. ඔහු, "කවර ශුභාරංචියක් නුඹට දන්වන ලද්දේ ද, එය ඇතිවීම පෙන්වා දෙන සළකුණ වනුයේ, කිසිදු හේතුවකින් තොර ව නුඹ මනා සෞඛ්යය තත්ත්වයෙන් සිටිය දී, රාත්රී තුනක් මිනිසුන් සමග කතා කිරීමට නුඹට නොහැකි වීමය" යැයි පැවසීය.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න