සූරා 19 · ජුස් 16
Maryam · 19:8
قَالَ رَبِّ أَنَّىٰ يَكُونُ لِي غُلَامٌ وَكَانَتِ امْرَأَتِي عَاقِرًا وَقَدْ بَلَغْتُ مِنَ الْكِبَرِ عِتِيًّا
මාගේ පරමාධිපතියාණනි, මට දරුවකු කෙසේ නම් වන්නේ ද? මාගේ බිරිය වඳ කාන්තාවක් වූවාය. මා ද මහලු වීම හේතුවෙන් සැදෑ වියට ළඟා වී ඇත්තෙමි යැයි ඔහු පැවසුවේය.
තෆ්සීර්
අල්ලාහ්ගේ ශක්තිය පිළිබඳ පුදුමයට පත් ව සකරිය්යා, "සැබැවින්ම අස්ථි දුර්වල වූ වැඩිහිටි අවදියේ මා සිටියදී මාගේ බිරිය ද දරුවකු ප්රසූත කළ නොහැකි වඳ කාන්තාවක් ලෙස සිටියදී මට කෙසේ නම් දරුවකු වනු ඇත්දැ?" යි විමසීය.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න