සූරා 19 · ජුස් 16
Maryam · 19:7
يَا زَكَرِيَّا إِنَّا نُبَشِّرُكَ بِغُلَامٍ اسْمُهُ يَحْيَىٰ لَمْ نَجْعَلْ لَهُ مِنْ قَبْلُ سَمِيًّا
අහෝ ! සකරිය්යා, යහ්යා නමින් වූ දරුවකු පිළිබඳ ව නියත වශයෙන්ම අපි ඔබට ශුභාරංචි දන්වන්නෙමු. මීට පෙර එයට එසේ නම් තබනු ලැබීමක් සිදු නොකළෙමු.
තෆ්සීර්
අල්ලාහ් ඔහුගේ ප්රාර්ථනාවට පිළිතුරු දී ඔහුට මෙසේ ආමන්ත්රණය කළේය. "අහෝ සකරිය්යා! සැබැවින්ම නුඹ සතුටට පත් වන දෑ අපි නුඹට දන්වන්නෙමු. නුඹේ ප්රාර්ථනාවට අපි පිළිතුරු දී ඇත්තෙමු. යහ්යා නම් දරුවෙකු අපි නුඹට පිරිනමමු. මීට පෙර වෙනත් කිසිවෙකුට මෙම නම අපි නොතැබුවෙමු."
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න