සූරා 19 · ජුස් 16

Maryam · 19:75

قُلْ مَنْ كَانَ فِي الضَّلَالَةِ فَلْيَمْدُدْ لَهُ الرَّحْمَٰنُ مَدًّا ۚ حَتَّىٰ إِذَا رَأَوْا مَا يُوعَدُونَ إِمَّا الْعَذَابَ وَإِمَّا السَّاعَةَ فَسَيَعْلَمُونَ مَنْ هُوَ شَرٌّ مَكَانًا وَأَضْعَفُ جُنْدًا

කවරෙකු මුළාවෙහි සිටිත් ද එවිට මහා කරුණාන්විතයාණන් ඔහුට (මෙලොව වස්තුව) දිගු හරිමින් දෙනු ඇත. එය ඔවුනට දඬුවමක් වශයෙන් හෝ අවසන් හෝරාවෙහි හෝ ප්‍රතිඥා දෙනු ලැබූ දෑ ඔවුන් දකින තෙක් වනු ඇත. එවිට ස්ථානයෙන් නපුරු වන්නේ කවරෙකු ද එමෙන්ම සේනාවෙන් වඩාත් දුර්වල කවරෙකු ද යන වග ඔවුහු මතු දැන ගනු ඇත.

තෆ්සීර්

අහෝ දූතය! කවරෙකු මුළාවෙහි ගිලී සිටින්නේ ද, මහා කාරුණිකයාණන් මුළාව වැඩි කරන තෙක් ඔහුව ඒ වෙත නැඹුරු කරවනු ඇත. එය ඔවුනට කවර දඬුවමක් ප්රතිඥා දුන්නේ ද, එය මෙලොවෙහි කල් ඇති ව හෝ, මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ප්රමාද වී හෝ ඔවුන් දෑසින් දකින තරමට වනු ඇත. එවිට නවාතැනින් නපුරු කවුරුන් දැ?යි ද, උදව්කරුවන්ගෙන් වඩාත් අඩු කවුරුන්දැ?යි ද, තමන් ඔවුන්ගේ පිරිසෙන් කෙනෙක් ද, එසේ නැතහොත් දේවත්වය විශ්වාස කරන්නන්ගේ පිරිසෙන් කෙනෙක් ද යන්න වග ඔවුහු දැනගනු ඇත.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න