සූරා 19 · ජුස් 16

Maryam · 19:76

وَيَزِيدُ اللَّهُ الَّذِينَ اهْتَدَوْا هُدًى ۗ وَالْبَاقِيَاتُ الصَّالِحَاتُ خَيْرٌ عِنْدَ رَبِّكَ ثَوَابًا وَخَيْرٌ مَرَدًّا

යහ මග ලැබූවන්හට අල්ලාහ් යහ මග අධික කරයි. ශේෂ ව පවතින යහකම් නුඹගේ පරමාධිපති අබියස කුසලින් වඩාත් උතුම්ය. තවද නැවත යොමු වීමෙන් ද වඩාත් උතුම්ය.

තෆ්සීර්

මුළා ව ඔවුන් වර්ධනය කර ගැනීම සඳහා ඔවුන්හට කල් දීමට සමගාමීව යහමඟ ගියවුන්හට දේව විශ්වාසයෙන් හා අවනත වීමෙන් හා සදා සතුට වෙත ගෙන යන දැහැමි ක්රියාවන්ගෙන් අල්ලාහ් වර්ධනය කරනු ඇත. අහෝ දූතය! ප්රතිඵලයෙන් හා යහපත් අවසානයෙන් නුඹේ පරමාධිපති ඉදිරියේ වඩාත් ප්රයෝජනවත්ය.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න