සූරා 19 · ජුස් 16
Maryam · 19:65
رَبُّ السَّمَاوَاتِ وَالْأَرْضِ وَمَا بَيْنَهُمَا فَاعْبُدْهُ وَاصْطَبِرْ لِعِبَادَتِهِ ۚ هَلْ تَعْلَمُ لَهُ سَمِيًّا
(ඔහු) අහස් හා මහපොළොවේ ද ඒ දෙක අතර ඇති දෑහි ද හිමිපාණන්ය. එහෙයින් නුඹ ඔහුට ගැතිකම් කරනු. තවද ඔහුට ගැතිකම් කිරීම සඳහා ඉවසීමෙන් දරා සිටිනු. ඔහුට (සමානව) නම් කළ හැකි කෙනෙකු නුඹ දන්නෙහි ද?
තෆ්සීර්
ඔහු අහස්හි මැවුම්කරුය. මහපොළෙවෙහි මැවුම්කරුය. ඒ දෙකෙහි පාලකයාය. ඒ දෙකෙහි කටයුතු සැලසුම් සම්පාදනය කරන්නාය. එමෙන්ම ඒ දෙක අතර ඇති දෑහි ද මැවුම්කරුය. එහි පාලකයාය. එය සැලසුම් කරන්නාය. එහෙයින් නුඹ අල්ලාහ්ට පමණක් නමදිනු. නැමදුමට සුදුස්සා ඔහුය. ඔහුට නැමදුම් කිරීමෙහි ස්ථාවරව සිටිනු. නැමදුමෙහි ඔහු සමග හවුල් වන, ඔහුට සමාන කිසිදු සමානයකු හෝ දැක්මක් හෝ නැත.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න