සූරා 19 · ජුස් 16

Maryam · 19:64

وَمَا نَتَنَزَّلُ إِلَّا بِأَمْرِ رَبِّكَ ۖ لَهُ مَا بَيْنَ أَيْدِينَا وَمَا خَلْفَنَا وَمَا بَيْنَ ذَٰلِكَ ۚ وَمَا كَانَ رَبُّكَ نَسِيًّا

නුඹගේ පරමාධිපතිගේ නියෝගයෙන් මිස අපි පහළ නොවන්නෙමු. තවද අප ඉදිරියේ ඇති දෑ ද අපට පසුපසින් ඇති දෑ ද ඒ අතර ඇති දෑ ද ඔහු සතුය. තවද නුඹගේ පරමාධිපති අමතක කරන්නෙකු නොවීය.

තෆ්සීර්

අහෝ ජිබ්රීල්! නුඹ මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාට මෙසේ පවසනු. "සැබැවින්ම මලක්වරුන් ඔවුන් විසින්ම පහළ වන්නේ නැත. සැබැවින්ම ඔවුන් පහළ වනුයේ අල්ලාහ්ගේ නියෝගය අනුවය. අප අනාගතයේ මුහුණ දෙන්නට තිබෙන මතුලොව කටයුතු ද, අප පසුපසින් එන්නට තිබෙන මෙලොව කටයුතු ද, මෙලොව හා මතුලොව අතර පවතින කටයුතු ද යන සියල්ල අල්ලාහ්ටම සතුය. අහෝ දූතය! නුඹේ පරමාධිපති කිසිවක් අමතක කරන්නෙකු නොවීය.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න