සූරා 19 · ජුස් 16
Maryam · 19:63
تِلْكَ الْجَنَّةُ الَّتِي نُورِثُ مِنْ عِبَادِنَا مَنْ كَانَ تَقِيًّا
එය අපගේ ගැත්තන් අතුරින් බිය බැතිමත් වූ අයට අපි උරුම කර දෙන්නා වූ (ස්වර්ග) උයනයි.
තෆ්සීර්
මෙම වර්ණනාවන්ගෙන් විස්තර කරනු ලැබූ මෙම ස්වර්ගය වනාහි, දේව නියෝග පිළිපදිමින් හා තහනම් කළ දැයින් වැළකෙමින් කටයුතු කළ අපගේ ගැත්තන් හට අප උරුම කර දෙන ස්වර්ග උයන වෙයි.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න