සූරා 19 · ජුස් 16
Maryam · 19:61
جَنَّاتِ عَدْنٍ الَّتِي وَعَدَ الرَّحْمَٰنُ عِبَادَهُ بِالْغَيْبِ ۚ إِنَّهُ كَانَ وَعْدُهُ مَأْتِيًّا
මහා කරුණාන්විතයාණන් තම ගැත්තන්හට පොරොන්දු වූ අදෘශ්යමාන සදාතනික (ස්වර්ග) උයන්ය. නියත වශයෙන්ම ඔහුගේ පොරොන්දුව ගෙන එනු ලබන්නකි.
තෆ්සීර්
දෙවියන් නොදකින තත්ත්වයේ හිද, දැහැමි ක්රියාවන් සිදු කළ තම දැහැමි ගැත්තන්හට සැබැවින්ම ඔවුන්ව ස්වර්ගයට ඇතුළත් කරන බවට මහා කාරුණිකයාණන් ප්රතිඥා දුන් සදා පවත්නා ස්වර්ග උයන් ඔවුනට ඇත. ඔවුහු එය දැක තිබුණේ නැති නමුත් ඒ ගැන විශ්වාස කළෝය. එහෙයින් ස්වර්ගය ගැන වූ අල්ලාහ්ගේ ප්රතිඥාව -අදෘශ්යමාන වුව ද- එය කිසිදු සැකයකින් තොර ව ඉටු කරනු ලබන්නකි.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න