සූරා 19 · ජුස් 16
Maryam · 19:5
وَإِنِّي خِفْتُ الْمَوَالِيَ مِنْ وَرَائِي وَكَانَتِ امْرَأَتِي عَاقِرًا فَهَبْ لِي مِنْ لَدُنْكَ وَلِيًّا
මගෙන් පසුව පරම්පරා උරුමක්කරුවන් පිළිබඳ ව මම බිය වෙමි. මාගේ බිරිය ද වඳ කාන්තාවක් වන්නීය. එහෙයින් නුඹ වෙතින් උරුමක්කරුවකු මා වෙත පිරිනමනු.
තෆ්සීර්
මාගේ සමීපතයින් මෙලොව කටයුතුවල කාර්යබහුලව සිටින බැවින් මාගේ මරණයෙන් පසු දහමේ වගකීම් ඔවුන් ඉටු නොකරනු ඇතැයි සැබැවින්ම මම බියවෙමි. එමෙන්ම මාගේ බිරිය දරුවන් ප්රසූත කළ නොහැකි වඳ කාන්තාවකි. එහෙයින් මට සහය වන දරුවෙකු ඔබ වෙතින් මාහට පිරිනමනු මැනව!
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න