සූරා 19 · ජුස් 16
Maryam · 19:4
قَالَ رَبِّ إِنِّي وَهَنَ الْعَظْمُ مِنِّي وَاشْتَعَلَ الرَّأْسُ شَيْبًا وَلَمْ أَكُنْ بِدُعَائِكَ رَبِّ شَقِيًّا
මාගේ පරමාධිපතියාණනි, මාගේ අස්ථි දුර්වල වී ඇත. මාගේ හිසකෙස් පැහී විහිදී ඇත. තවද මාගේ පරමාධිපතියාණනි, මම ඔබගේ ප්රාර්ථනාව සම්බන්ධයෙන් අභාග්යවන්තයකු නොවූයෙමි.
තෆ්සීර්
ඔහු, "අහෝ මාගේ පරමාධිපතියාණනි! සැබැවින්ම මාගේ අස්ථි දුර්වල වී ඇත. මාගේ හිසකෙස් පැහී ඇත. මා නුඹගෙන් ප්රාර්ථනා කර සිටියදී කිසිවිටෙක මා බලාපොරොත්තු සුන් කර ගත්තේ නැත. මා නුඹගෙන් ප්රාර්ථනා කළ සෑම විටම නුඹ මට පිළිතුරු දී ඇත" යැයි පැවසීය.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න