සූරා 19 · ජුස් 16
Maryam · 19:47
قَالَ سَلَامٌ عَلَيْكَ ۖ سَأَسْتَغْفِرُ لَكَ رَبِّي ۖ إِنَّهُ كَانَ بِي حَفِيًّا
ඔබට ශාන්තිය අත්වේවා ! මම මාගේ පරමාධිපතිගෙන් ඔබ වෙනුවෙන් මතු පාප ක්ෂමා ව අයැදිමි. නියත වශයෙන්ම ඔහු මා හට කරුණාවන්ත විය.
තෆ්සීර්
ඉබ්රාහීම් (අලයිහිස් සලාම්) තුමා තම පියාණන්ට, "මා ඔබට ශාන්තිය පතමි. මා ගැන ඔබ පිළිකුල් කරන කිසිවක් ඔබ ලබන්නේ නැත. ඔබ වෙනුවෙන් පාපක්ෂමාව හා යහමඟ මම මාගේ පරමාධිපතිගෙන් ඉල්ලා සිටිමි. සැබැවින්ම ඔහු සුවිශුද්ධය. ඔහු මා කෙරහි දායලුය." යැයි පැවසීය.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න