සූරා 19 · ජුස් 16

Maryam · 19:46

قَالَ أَرَاغِبٌ أَنْتَ عَنْ آلِهَتِي يَا إِبْرَاهِيمُ ۖ لَئِنْ لَمْ تَنْتَهِ لَأَرْجُمَنَّكَ ۖ وَاهْجُرْنِي مَلِيًّا

ඔබ මාගේ දෙවියන් ප්‍රතික්ෂේප කරන්නෙකු ද? අහෝ ! ඉබ්‍රාහීම්, ඔබ මෙයින් නොවැළකුණෙහි නම් මම ඔබට ගල් ගසා මරමි. තවද නුඹ මාගෙන් සදහටම ඈත් ව සිටිනු.

තෆ්සීර්

ආසර් තම පුත් ඉබ්රාහීම්ට, "අහෝ ඉබ්රාහීම්! මා නමදින මාගේ පිළිමවලට නුඹ පිටු පාන්නෙහිද? මාගේ පිළිමවලට දොස් නැගීමෙන් නුඹ නොවැළකුනෙහි නම් සැබැවින්ම මම නුඹව ගල් ගසා මරා දමමි. නුඹ මා ළඟින් දීර්ඝ කාලයක් වෙන්ව යනු. මා සමග කතා නොකරනු. මා සමග එකතු නොවනු" යැයි පැවසීය.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න