සූරා 19 · ජුස් 16
Maryam · 19:27
فَأَتَتْ بِهِ قَوْمَهَا تَحْمِلُهُ ۖ قَالُوا يَا مَرْيَمُ لَقَدْ جِئْتِ شَيْئًا فَرِيًّا
ඔහු ව උසුලා ගෙන ඔහු සමගම ඇයගේ සමූහයා වෙත ඇය පැමිණියාය. ‘අහෝ ! මර්යම්, බරපතළ කරුණක් සැබැවින්ම නුඹ ගෙනැවිත් ඇතැ’යි ඔවුහු පැවසුවෝය.
තෆ්සීර්
මර්යම් ඇයගේ දරුවා උසුලාගෙන ඇයගේ සමූහයා වෙත පැමිණියාය. එවිට ඇයගේ සමූහයා ඇය හෙළා දකිමින්, "අහෝ මර්යම්! පියකු නොමැති දරුවකු ගෙනැවින් සැබැවින් ඔබ බරපතළ කරුණක් සිදු කර ඇත්තාය" යැයි පැවසීය.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න