සූරා 19 · ජුස් 16
Maryam · 19:26
فَكُلِي وَاشْرَبِي وَقَرِّي عَيْنًا ۖ فَإِمَّا تَرَيِنَّ مِنَ الْبَشَرِ أَحَدًا فَقُولِي إِنِّي نَذَرْتُ لِلرَّحْمَٰنِ صَوْمًا فَلَنْ أُكَلِّمَ الْيَوْمَ إِنْسِيًّا
එවිට නුඹ අනුභව කරනු. තවද පානය කරනු. ඇස් පිනවා ගනු. තවද නුඹ මිනිසුන් අතුරින් කිසිවකු හෝ දුටුවෙහි නම් එවිට සැබැවින්ම (කතාවෙන් වැළකී සිටින) උපවාසයක් මම මහා කරුණාවන්තයාණන්හට භාර වූයෙමි. එහෙයින් අද දින කිසිදු මිනිසෙකු සමග සැබැවින්ම මම කතා නොකරන්නෙමි යැයි පවසනු.
තෆ්සීර්
නුඹ පිරිසිදු නැවුම් දෙයින් අනුභව කරනු. මෙම ජලයෙන් පානය කරනු. නුඹට ඉපදුණු දරුවා පිළිබඳ සතුටු වනු. නුඹ දුක් නොවනු. ජනයා අතරින් කිසිවෙකුව නුඹ දැක ඉපදුණු දරුවා පිළිබඳ නුඹෙන් අසා සිටියේ නම් නුඹ ඔහුට: ‘කතා කිරීමෙන් නිහඬ වීමට මම මාගේ පරමාධිපති ට බැඳී සිටිමි. එබැවින් අද දින මිනිසුන් අතරින් කිසිවෙකු සමග මම කතා නොකරමි’ යැයි (සංඥාවෙන් දන්වනු) පවසනු.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න