සූරා 19 · ජුස් 16
Maryam · 19:14
وَبَرًّا بِوَالِدَيْهِ وَلَمْ يَكُنْ جَبَّارًا عَصِيًّا
තවද ඔහු තම දෙමාපියන්ට ඇප උපස්ථාන කරන්නකු විය. තවද ඔහු දඬබ්බර අකීකරු වන්තයෙකු නොවීය.
තෆ්සීර්
ඔහු තම දෙමාපියන්ට ඇප උපස්ථාන කරන්නෙකු විය. ඔවුන් දෙදෙනා සම්බන්ධයෙන් ඉතා කාරුණික විය. ඔවුන් දෙදෙනා සමග යහපත් අයුරින් කටයුතු කරන්නෙකු විය. ඔහුගේ පරමාධිපතිට අවනත වීමටත් ඔවුන් දෙදෙනාට කීකරු වීමටත් ඔහු උඬඟු නොවීය. ඔහුගේ පරමාධිපතිට හෝ ඔහුගේ දෙමාපියන්ට හෝ ඔහු පිටුපාන්නෙකු නොවීය.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න