සූරා 19 · ජුස් 16
Maryam · 19:15
وَسَلَامٌ عَلَيْهِ يَوْمَ وُلِدَ وَيَوْمَ يَمُوتُ وَيَوْمَ يُبْعَثُ حَيًّا
ඔහු උපත ලැබූ දින ද ඔහු මිය යන දින ද ඔහු නැවත ජීවමාන ව නැගිටු වනු ලබන දින ද ඔහු වෙත සාමය ඇති වේවා!
තෆ්සීර්
ඔහු උපත ලැබූ දින ද, මිය යන දින ද මිය ගිය පසු මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ජීවමානව ඔහුව යළි අවදි කරන දින ද අල්ලාහ්ගෙන් වූ ශාන්තිය හා ඔහුගෙන් වූ ආරක්ෂාව ඔහුට හිමිය. මෙම අවස්ථා තුන මිනිසෙකු තරණය කළ යුතු ඉතා බැරූරුම් අවස්ථාවන්ය. ඒ අවස්ථාවන්හි සුරක්ෂිත වූයේ නම් ඒ හැර අනෙක් විෂයයන්හි ඔහු කෙරෙහි බියක් නැත.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න