සූරා 18 · ජුස් 15
Al-Kahf · 18:64
قَالَ ذَٰلِكَ مَا كُنَّا نَبْغِ ۚ فَارْتَدَّا عَلَىٰ آثَارِهِمَا قَصَصًا
අපි සොයමින් සිටි දෑ (තැන) එය වේ යැයි ඔහු පැවසීය. පසු ව ඔවුන් දෙදෙනා (කතා කරමින්) ඔවුන් දෙදෙනාගේ සලකුණු ඔස්සේ නැවත හැරී ගියහ.
තෆ්සීර්
මූසා (අලයිහිස් සලාම්) තුමා තම සේවකයාට, "අප අපේක්ෂා කරමින් සිටියේ එයයි. එය එම දැහැමි ගැත්තා සිටින ස්ථානයේ සළකුණ වේ" යැයි පැවසීය. පසුව ඔවුන් දෙදෙනා අතරමං නොවනු පිණිස ඔවුන් ආ අඩි සළකුණු මතම අනුගමනය කරමින් එම ගල් පර්වතය වෙත නැවතත් හැරී ගියෝය. මත්සයා පිවිසුණු ස්ථානය එහි විය.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න