සූරා 18 · ජුස් 15
Al-Kahf · 18:63
قَالَ أَرَأَيْتَ إِذْ أَوَيْنَا إِلَى الصَّخْرَةِ فَإِنِّي نَسِيتُ الْحُوتَ وَمَا أَنْسَانِيهُ إِلَّا الشَّيْطَانُ أَنْ أَذْكُرَهُ ۚ وَاتَّخَذَ سَبِيلَهُ فِي الْبَحْرِ عَجَبًا
මෙම ගල්පර්වතය වෙත අපි (අපගේ ගමන) අවසන් කළ විට සැබැවින්ම මත්සයා මට අමතක වූ බව නුඹ නොදුටුවෙහි ද? එය මා මෙනෙහි කිරීමට මා හට එය අමතක කළේ ෂෙයිතාන් හැර වෙනත් කිසිවකු නොවේ. මුහුදේ ඌ උගේ ගමන් මග පුදුමාකාර අයුරින් ගත්තේය යැයි ඔහු පැවසීය.
තෆ්සීර්
එවිට එම සේවකයා, "ගල්පර්වතය වෙත රැකවරණය පතා ගිමන් හරින්නට ගිය අවස්ථාවේ සිදු වූ දේ ඔබ නොදුටුවෙහි ද? එම මත්සයා ගැන කරුණු ඔබ වෙත දන්වා සිටීමට සැබැවින්ම මට අමතක විය. මා නුඹට ඒ ගැන මතක් කිරීමට අමතක කෙරෙව්වේ ෂෙයිතාන් මිස වෙනත් කෙනෙකු නොවේ. මත්සයාට ජීවය ලැබිණ. ඌ වෙනුවෙන් සාගරයේ ඉතා පුදුම සහගත ලෙස මාර්ගයක් ඌ තනා ගත්තේය." යැය පැවසීය.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න