සූරා 18 · ජුස් 15
Al-Kahf · 18:65
فَوَجَدَا عَبْدًا مِنْ عِبَادِنَا آتَيْنَاهُ رَحْمَةً مِنْ عِنْدِنَا وَعَلَّمْنَاهُ مِنْ لَدُنَّا عِلْمًا
එවිට ඔවුන් දෙදෙනාම අපගේ ගැත්තන් අතුරින් එක් ගැත්තෙකු ව මුණ ගැසුණහ. අපි ඔහුට අප වෙතින් වූ ආශිර්වාදය ලබා දුනිමු. තවද අප වෙතින් වූ ඥානය ද අපි ඔහුට ඉගැන්වූයෙමු.
තෆ්සීර්
මත්සයා නැති වී ගිය ස්ථානයට ඔවුන් දෙදෙනා ළඟා වූ කල්හි අපගේ දැහැමි ගැත්තන් අතරින් ගැත්තෙකුව ඔවුන් දෙදෙනා දුටුවෝය. (ඔහු හිළර් -අලයිහිස් සලාම්- තුමා ය.) අප වෙතින් වූ ආශිර්වාද අපි ඔහුට පිරිනැමුවෙමු. මිනිසුන්ට ඒ වෙත එබී බැලිය නොහැකි දැනුමක් අප විසින් ඔහුට පිරිනැමුවෙමු. මෙම කතාවේ අන්තර්ගතය එයයි.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න