සූරා 18 · ජුස් 15
Al-Kahf · 18:6
فَلَعَلَّكَ بَاخِعٌ نَفْسَكَ عَلَىٰ آثَارِهِمْ إِنْ لَمْ يُؤْمِنُوا بِهَٰذَا الْحَدِيثِ أَسَفًا
මෙම දෙසුම (අල් කුර්ආනය) ඔවුහු විශ්වාස නොකළේ නම් ඔවුන්ගේ බලපෑම මත දුකට පත් ව නුඹ නුඹවම විනාශ කර ගන්නෙකු විය හැක.
තෆ්සීර්
අහෝ දූතය! මෙම කුර්ආනය ඔවුන් විශ්වාස නොකළේ නම් දුකින් හා ශෝකයෙන් නුඹ නුඹවම විනාශ කර ගන්නට බලනු ඇත. එසේ සිදු නොකරනු. ඔවුනට යහ මඟ හිමි කර දීම සඳහා නුඹට කිසිදු වගකීමක් නැත. නුඹේ වගකීම වනුයේ පැහැදිලිව යහමගට ඇරයුම් කිරීම පමණය.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න