සූරා 18 · ජුස් 15

Al-Kahf · 18:7

إِنَّا جَعَلْنَا مَا عَلَى الْأَرْضِ زِينَةً لَهَا لِنَبْلُوَهُمْ أَيُّهُمْ أَحْسَنُ عَمَلًا

ඔවුන් අතුරින් ක්‍රියාවෙන් වඩාත් අලංකාර වනුයේ කවුරුන්දැයි අපි ඔවුන් පරීක්ෂා කරනු පිණිස මහපොළොව මත ඇති දෑ එයට අලංකරණයක් ලෙස ඇති කළෙමු.

තෆ්සීර්

මහපොළොව මත ඇති සියලු මැවීම් එයට අලංකරණයක් ලෙස අපි මවා ඇත්තෙමු. එය ඔවුන් අතරින් කවරෙකු අල්ලාහ් තෘප්තිමත් වන අයුරින් වඩාත් දැහැමි ක්රියාවන් සිදු කරන්නේ ද එසේ නැතහොත් වඩාත් නපුරු ක්රියාවන් සිදු කරන්නේ දැයි අපි ඔවුන් පරීක්ෂා කරනු පිණිසය. ඔවුනොවුන්ට ගැළපෙන පරිදි අපි ඔවුනට ප්රතිඵල පිරිනමන්නෙමු.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න