සූරා 18 · ජුස් 15
Al-Kahf · 18:5
مَا لَهُمْ بِهِ مِنْ عِلْمٍ وَلَا لِآبَائِهِمْ ۚ كَبُرَتْ كَلِمَةً تَخْرُجُ مِنْ أَفْوَاهِهِمْ ۚ إِنْ يَقُولُونَ إِلَّا كَذِبًا
ඔවුනට හෝ ඔවුන්ගේ මුතුන් මිත්තන්හට ඒ පිළිබඳ ව කිසිදු දැනුමක් නොමැත. ඔවුන්ගේ මුඛවල් වලින් පිට වන ප්රකාශය දරුණු විය. ඔවුහු බොරුව මිස (වෙනෙකක්) නොපවසති.
තෆ්සීර්
අල්ලාහ්ට දරුවෙකු ආරෝපණය කොට ඒ ගැන වාද කරමින් බොරු ගොතා පවසන්නන්හට ඒ ගැන කිසිදු දැනුමක් හෝ සාධකයක් හෝ නැත. ඒ සම්බන්ධයෙන් ඔවුන් පිළිපදින ඔවුන්ගේ මුතුන් මිත්තන්හට ද කිසිදු දැනුමක් නැත. කිසිදු අවබෝධයකින් තොර ව ඔවුන්ගේ කටින් පිටවන එම ප්රකාශය බපතල විය. ඔවුන් බොරුවක් මිස වෙනත් කිසිවක් නොපවසති. එයට කිසිදු පදනමක් හෝ ලේකනයක් හෝ නැත.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න