සූරා 18 · ජුස් 15

Al-Kahf · 18:58

وَرَبُّكَ الْغَفُورُ ذُو الرَّحْمَةِ ۖ لَوْ يُؤَاخِذُهُمْ بِمَا كَسَبُوا لَعَجَّلَ لَهُمُ الْعَذَابَ ۚ بَلْ لَهُمْ مَوْعِدٌ لَنْ يَجِدُوا مِنْ دُونِهِ مَوْئِلًا

තවද නුඹගේ පරමාධිපති අති ක්ෂමාශීලීය. කරුණා ගුණයෙන් යුක්තය. ඔවුහු ඉපැයූ දෑ හේතුකොට ගෙන ඔහු ඔවුන් ව ග්‍රහණය කරන්නේ නම් ඔවුනට දඬුවම ඔහු ඉක්මන් කරනු ඇත. නමුත් ඔවුනට ප්‍රතිඥත කාලයක් ඇත. ඔහුගෙන් තොර ව කිසිදු මිදී යාමක් ඔවුහු නොදකින්නෝමය.

තෆ්සීර්

එමෙන්ම දේවත්වය ප්රතික්ෂේප කරන්නන්හට දඬුවම් දීම ඉක්මන් කිරීම සඳහා නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) නොපෙළඹෙනු පිණිසය. අල්ලාහ් එතුමාණන්ට මෙසේ පවසා සිටියි. "අහෝ දූතය! නුඹේ පරමාධිපති පාපක්ෂමාව අයැදින ඔහුගේ ගැත්තන්හට අති ක්ෂමාශීලීය. කරුණා ගුණයෙන් යුක්තය. එය සියල්ල ආවරණය කර ඇත. පාපිෂ්ඨයින්ට පාපක්ෂමාව අයැද ඔහු වෙත යොමු විය හැකිවනු පිණිස ඔවුනට කල්දීම ද ඔහුගේ කරුණා ගුණයෙන් එකකි. අල්ලාහ් මෙම විරුද්ධවාදීන්ට දඬුවම් කරන්නේ නම් මෙලොව ජීවිතයේම ඔවුනට එම දඬුවම ඉක්මන් කරනු ඇත. නමුත් ඔහු දයාලුය. මහා කාරුණිකය. ඔවුන් පාපක්ෂමාවේ නිරත වීම සඳහා ඔවුන්ගෙන් දඬුවම ප්රමාද කළේය. කෙසේ වෙතත් ඔවුන්ගේ දේව ප්රතික්ෂේපය හා ඔවුන්ගේ පිටුදැක්ම වෙනුවෙන් ඔවුන් පාපක්ෂමාවේ නිරත නොවූයේ නම් ප්රතිවිපාක දෙනු ලබන නියමිත කාලයක් හා ස්ථානයක් ඔවුනට ඇත. එවිට ඔහු වෙත මිස සරණ සොයා යන වෙනත් ස්ථානයක් ඔවුහු නොලබන්නෝමය.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න