සූරා 18 · ජුස් 15
Al-Kahf · 18:57
وَمَنْ أَظْلَمُ مِمَّنْ ذُكِّرَ بِآيَاتِ رَبِّهِ فَأَعْرَضَ عَنْهَا وَنَسِيَ مَا قَدَّمَتْ يَدَاهُ ۚ إِنَّا جَعَلْنَا عَلَىٰ قُلُوبِهِمْ أَكِنَّةً أَنْ يَفْقَهُوهُ وَفِي آذَانِهِمْ وَقْرًا ۖ وَإِنْ تَدْعُهُمْ إِلَى الْهُدَىٰ فَلَنْ يَهْتَدُوا إِذًا أَبَدًا
තම පරමාධිපතිගේ වදන් මෙනෙහි කරනු ලැබ, ඉන් පසු ව එය නොසලකා හැර තම දෑත් ඉදිරිපත් කළ දෑ අමතක කර දැමූ අයට වඩා මහා අපරාධකරු කවරෙකු ද? එය ඔවුහු අවබෝධ කර ගැනීමට (නොහැකිවන සේ) සැබැවින්ම අපි ඔවුන්ගේ හදවත් මත වැස්මක් ද ඔවුන්ගේ සවන් වලට බිහිරිභාවය ද ඇති කළෙමු. තවද යහ මග වෙත නුඹ ඔවුන් ඇරයුම් කළ ද ඔවුහු කිසිවිටෙක යහ මග නොලබන්නෝමය.
තෆ්සීර්
තම පරමාධිපතිගේ වදන් මෙනෙහි කරනු ලැබ, එහි ඇති දඬුවම පිළිබඳ අවවාදය නොසළකා හැර, එහි ඇති උපදෙස් හෙළා දැක, තමන් මෙලොව ජීවතයේ සිදු කළ පාපකම් හා දේවත්වය ප්රතික්ෂේප කිරීම ගැන අමතක කර දමා, ඒ සඳහා පාපක්ෂමාව ඉල්ලා නොසිටිය අයට වඩා දරුණු අපරාධකරුවෙකු වෙනත් නැත. මෙසේ විස්තර කළ අයගේ හදවත් මත අල් කුර්ආනය වටහා ගත නොහැකි සේ සැබැවින්ම අපි ආවරණයක් ඇති කළෙමු. ඔවුන්ගේ කන් තුළ බිහිරි බව ද ඇති කළෙමු. එහෙයින් පිළිගන්නා අයුරින් එයට සවන් දීමට ඔවුනට නොහැක. නුඹ ඔවුන් දේව විශ්වාසය වෙත ඇරයුම් කළ ද ඔවුන්ගේ හදවත් මත එම ආවරණය තිබෙන කල්තාක් කිසි විටෙක නුඹේ ඇරයුමට ඔවුන් පිළිතුරු නොදෙන්නේමය.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න