සූරා 18 · ජුස් 15

Al-Kahf · 18:56

وَمَا نُرْسِلُ الْمُرْسَلِينَ إِلَّا مُبَشِّرِينَ وَمُنْذِرِينَ ۚ وَيُجَادِلُ الَّذِينَ كَفَرُوا بِالْبَاطِلِ لِيُدْحِضُوا بِهِ الْحَقَّ ۖ وَاتَّخَذُوا آيَاتِي وَمَا أُنْذِرُوا هُزُوًا

තවද ධර්ම දූතරවරුන් ශුභාරංචි දන්වන්නන් හා අවවාද කරන්නන් ලෙසින් මිස අපි නොඑව්වෙමු. තවද ප්‍රතික්ෂේප කළවුන් එමගින් සත්‍යය අසත්‍යය කිරීම පිණිස අසත්‍ය දෑ රැගෙන තර්ක කරති. තවද ඔවුහු මාගේ සංඥාවන් හා අවවාද කරනු ලැබූ දෑ උපහාසයට ගත්තෝය.

තෆ්සීර්

අපගේ දූතවරුන් අතරින් දේවත්වය විශ්වාස කරන හා ඔහුට අවනත වන ජනයා වෙත ශුභාරංචි දන්වන්නන් ලෙසින් හා දේවත්වය ප්රතික්ෂේප කරන පාපිෂ්ඨ ජනයා බිය ගන්වන්නන් ලෙස මිස අපි ඔවුන් නොඑව්වෙමු. යහමග උසුලන මෙන් හදවත් මත ආධිපත්යය දරන්නට ඔවුනට අයිතියක් නොවීය. එම දූතවරුන් සතුව පැහැදිලි සාධක තිබියදීත් අල්ලාහ් ව ප්රතික්ෂේප කළවුන් ඔවුන් සමග වාද කළෝය. එය ඔවුන්ගේ ව්යාජ දැයින් මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා වෙත පහළ කරනු ලැබූ සත්යය ඉවත් කිරීමටත්, අල් කුර්ආනය හා කවර කරුණක් තුළින් ඔවුන් බිය ගැන්වූයේ ද එය හාස්යයට හා විහිළුවට පත් කිරීමටත්ය.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න