සූරා 18 · ජුස් 15

Al-Kahf · 18:55

وَمَا مَنَعَ النَّاسَ أَنْ يُؤْمِنُوا إِذْ جَاءَهُمُ الْهُدَىٰ وَيَسْتَغْفِرُوا رَبَّهُمْ إِلَّا أَنْ تَأْتِيَهُمْ سُنَّةُ الْأَوَّلِينَ أَوْ يَأْتِيَهُمُ الْعَذَابُ قُبُلًا

මුතුන්මිත්තන්හට අත් වූ ඉරණම තමන් වෙත නොපැමිණීමත් (ඔවුන්) ඉදිරියේදීම දඬුවම ඔවුන් වෙත නොපැමිණීමත් මිස ඔවුන් වෙත යහමග පැමිණි විට ඔවුන් විශ්වාස කිරීමට හා ඔවුන්ගේ පරමාධිපති ගෙන් සමාව අයැද සිටීමට ජනයා වැළැක්වූයේ නැත.

තෆ්සීර්

උද්දච්ඡකමින් පෙළෙන, දේවත්වය ප්රතික්ෂේප කරන්නන් අතර හා මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ගෙන ආ දෑ විශ්වාස කිරීම අතරත් එමෙන්ම ඔවුන් අතර හා ඔවුන්ගේ පාපකම් සඳහා අල්ලාහ්ගෙන් සමාව අයැද සිටීම අතරත් පැහැදිලි කිරීමක අඩුවක් ඒ අතරට බාධාවක් බවට පත් නොවීය. මෙම අල් කුර්ආනයේ ඔවුනට උදාහරණ ගෙන හැර පෙන්වන ලදී. පැහැදිලි සාධක ඔවුන් වෙත පැමිණියේය. ඔවුන්ව වළක්වා දැමුවේ ඔවුන් වෙත පෙර සමූහයන්ට පහළ වූ දඬුවම පහළ කරන මෙන් ද ඔවුනට අවවාද කළ දඬුවම දෑසින් දකින්නට සලස්වන මෙන් ද ඔවුන් ඉල්ලා සිටි ඔවුන්ගේ මුරණ්ඩුකාර ඉල්ලීම්ය.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න