සූරා 18 · ජුස් 15

Al-Kahf · 18:52

وَيَوْمَ يَقُولُ نَادُوا شُرَكَائِيَ الَّذِينَ زَعَمْتُمْ فَدَعَوْهُمْ فَلَمْ يَسْتَجِيبُوا لَهُمْ وَجَعَلْنَا بَيْنَهُمْ مَوْبِقًا

තවද එදින ‘නුඹලා උකල්පනය කරමින් මට ආදේශ කළවුන් ව නුඹලා කැඳවනු’ යැයි ඔහු පවසයි. එවිට ඔවුහු ඔවුන් ව කැඳවති. නමුත් ඔවුහු ඔවුනට ප්‍රතිචාර නොදක්වති. ඔවුන් අතර විනාශකාරී ස්ථානයක් අපි ඇති කළෙමු.

තෆ්සීර්

අහෝ දූතය! මෙලොව අල්ලාහ්ට ආදේශ තැබූවන් හට "නුඹලාට උදව් කිරීමට හැකිවනු පිණිස සැබැවින්ම ඔවුන් මා සමග වූ හවුල්කරුවන් බව නුඹලා විශ්වාස කරමින් සිටින, මාගේ හවුල් කරුවන් නුඹලා කැඳවනු" යැයි අල්ලාහ් පවසා සිටින අවස්ථාව ඔවුනට මතක් කර දෙනු. එවිට ඔවුහු ඔවුන් ඇරයුම් කරති. නමුත් ඔවුන්ගේ ප්රාර්ථනාවට පිළිතුරු නොදෙති. එමෙන්ම ඔවුනට උදව් නොකරති. නැමද සිටියවුන් හා නමිදිනු ලබන්නන් අතර හවුලේ භුක්ති විදිය හැකි විනාශයක් අපි ඇති කළෙමු. එය නිරයේ ගින්නය.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න