සූරා 18 · ජුස් 15
Al-Kahf · 18:53
وَرَأَى الْمُجْرِمُونَ النَّارَ فَظَنُّوا أَنَّهُمْ مُوَاقِعُوهَا وَلَمْ يَجِدُوا عَنْهَا مَصْرِفًا
තවද වැරදිකරුවන් (නිරා) ගින්න දකිනු ඇත. එවිට නියත වශයෙන්ම තමන් එහි වැටෙන්නාක් මෙන් ඔවුහු සිතති. ඉන් හැරීමක් ඔවුහු නොදකිනු ඇත.
තෆ්සීර්
එම දේව ආදේශකයින් නිරා ගින්න දෑසින් දකිති. සැබැවින්ම ඔවුන් එහි වැටෙන්නන් බව සහතික වශයෙන්ම ඔවුහු ස්ථීර කර ගනිති. ඔවුන් එයින් හැරී වෙනතකට යා හැකි තැනක් ඔවුහු නොලබනු ඇත.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න