සූරා 18 · ජුස් 15

Al-Kahf · 18:51

۞ مَا أَشْهَدْتُهُمْ خَلْقَ السَّمَاوَاتِ وَالْأَرْضِ وَلَا خَلْقَ أَنْفُسِهِمْ وَمَا كُنْتُ مُتَّخِذَ الْمُضِلِّينَ عَضُدًا

අහස් හා මහපොළොව මැවීමට හෝ නුඹලා ව මැවීමට හෝ සාක්ෂි වශයෙන් ඔවුන් ව මම නොගත්තෙමි. එමෙන්ම මම උර දීමක් වශයෙන් නොමග යවන්නවුන් ගන්නෙකු ද නොවූයෙමි.

තෆ්සීර්

මා අතහැර දමා නුඹලා භාරකරුවන් ලෙස ගත් අය වනාහි ඔවුහු නුඹලා මෙන් ගැත්තන් වෙති. අහස හා මහපොළොව මා මැවූ අවස්ථාවේදී අහස්හි මැවීම් හෝ මහපොළොවේ මැවීම් ඒවාට සාක්ෂිවශයෙන් නොගත්තෙමි. ඔවුන් ඒ වන විටත් සඳහන් කරනු ලබන්නක් ලෙස නොතිබිණ. ඔවුන්ගෙන් ඇතැමෙකු ඇතැම් මැවීම් සඳහා සාක්ෂි වශයෙන් ද මම නොගත්තෙමි. මැවීම හා සැලසුම් කිරීම මා තනි ව සිදු කරන්නෙක්මි. ජින් වර්ගයා හා මිනිස් වර්ගයා අතර සිටින නොමග ගිය බලවේගයන් උදව්කරුවන් ලෙස මම නොගත්තෙමි. මා සියලු උදව් කරුවන්ගෙන් තොරය.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න