සූරා 18 · ජුස් 15
Al-Kahf · 18:45
وَاضْرِبْ لَهُمْ مَثَلَ الْحَيَاةِ الدُّنْيَا كَمَاءٍ أَنْزَلْنَاهُ مِنَ السَّمَاءِ فَاخْتَلَطَ بِهِ نَبَاتُ الْأَرْضِ فَأَصْبَحَ هَشِيمًا تَذْرُوهُ الرِّيَاحُ ۗ وَكَانَ اللَّهُ عَلَىٰ كُلِّ شَيْءٍ مُقْتَدِرًا
මෙලොව ජීවිතයේ උපමාව ඔවුනට නුඹ ගෙන හැර පෙන්වනු. (එය) අපි අහසින් පහළ කළා වූ ජලය මෙනි. ඒ සමග මහපොළොවේ පැළෑටි මුසු වෙයි. පසු ව එය ඉපනැලි බවට පත් ව සුළඟ එය ගසා ගෙන යයි. තවද අල්ලාහ් සියලු දෑ කෙරෙහි බලසම්පන්නය.
තෆ්සීර්
අහෝ දූතය! මෙලොවට රැවටුණු ජනයා හට ඒ ගැන උපමාවක් නුඹ ගෙන හැර දක්වනු: එනම් එය ඉවත්ව යාමේ හා එය අවසන්වී යන වේගයට උපමාව අහසින් අප පහළ කරන වැසි ජලය මෙනි. එම ජලය මගින් මහපොළොවේ පැළෑටී හට ගැණින. එය ඒවා ගෙන දුනි. පසු ව එම පැලෑටි ඉපනැලි බවට පත් ව සුනු විසිණු වී ගොස් වෙනත් ප්රදේශයක් කරා සුළඟ එහි කොටස් උසුලාගෙන යයි. පසු ව මහපොළොව, පෙර තිබූ තත්ත්වයටම නැවත පත් වෙයි. අල්ලාහ් සියලු දෑ කෙරෙහි බලය ඇත්තාය. කිසිවක් ඔහු පරාජය කළ නොහැක. ඔහු අභිමත කරන දෑ ජීවමාන කරයි. ඔහු අභිමත දෑ විනාශ කර දමයි.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න