සූරා 18 · ජුස් 15
Al-Kahf · 18:46
الْمَالُ وَالْبَنُونَ زِينَةُ الْحَيَاةِ الدُّنْيَا ۖ وَالْبَاقِيَاتُ الصَّالِحَاتُ خَيْرٌ عِنْدَ رَبِّكَ ثَوَابًا وَخَيْرٌ أَمَلًا
වස්තුව හා දරුවන් මෙලොව ජීවිතයේ අලංකාරයන්ය. ශේෂ ව පවතින යහකම් නුඹගේ පරමාධිපති අබියස තිළිණ වශයෙන් උතුම්ය. බලාපොරොත්තු තැබීමෙන් ද උතුම්ය.
තෆ්සීර්
මෙලොව ජීවිතයේ අලංකරණය කර පෙන්වන ලද ධනය හා දරුවන් වනාහි, එම ධනය අල්ලාහ් තෘප්තියට පත්වන දෑහි වියදම් කරනු ලැබීමෙන් මිස මතුලොවෙහි එයට කිසිදු ප්රයෝජනයක් නැත. අල්ලාහ් අබියස තෘප්තියට ලක්වන ක්රියාවන් හා ප්රකාශයන් මෙලොවෙහි ඇති අලංකරණයන්ට වඩා කුසලින් උතුම්ය. මිනිසා බලාපොරොත්තු වන දෑට වඩා ශ්රේෂ්ඨය. සැබැවින්ම මෙලොව ජීවිතයේ අලංකරණයන් විනාශ වී යන්නකි. නමුත් අල්ලාහ් අබියස තෘප්තියට ලක්වන ප්රකාශ හා ක්රියාවන් සදා පවතින්නකි.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න