සූරා 18 · ජුස් 15
Al-Kahf · 18:35
وَدَخَلَ جَنَّتَهُ وَهُوَ ظَالِمٌ لِنَفْسِهِ قَالَ مَا أَظُنُّ أَنْ تَبِيدَ هَٰذِهِ أَبَدًا
තවද ඔහු තමන්ටම අපරාධ කර ගත්තෙකු ලෙසින් ඔහුගේ උයනට පිවිසීය. ‘මෙය කිසිවිටෙක විනාශ වන්නක් බව මම නොසිතමි.
තෆ්සීර්
අධිමානයෙන් හා දේව ප්රතික්ෂේපයෙන් තමන්ටම අපරාධකරගත් තත්ත්වයේ දේව විශ්වාසියා සමග සම්බන්ධකම් පැවැත්වූ එම දේව ප්රතික්ෂේපකයා, තම වත්ත බැලීම සඳහා ඒ තුළට පිවිසීය. වත්ත දුටු එම දේව ප්රතික්ෂේපකයා, "මේ වත්ත සදාකල් පැවතීම සඳහා ගත යුතු ක්රියා මාර්ග මා ගෙන ඇති බැවින්, ඔබ මේ දකින වත්ත විනාශ වී යනු ඇතැයි මම නොසිතමි"යැයි පැවසීය.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න