සූරා 18 · ජුස් 15
Al-Kahf · 18:34
وَكَانَ لَهُ ثَمَرٌ فَقَالَ لِصَاحِبِهِ وَهُوَ يُحَاوِرُهُ أَنَا أَكْثَرُ مِنْكَ مَالًا وَأَعَزُّ نَفَرًا
තවද ඔහුට (මනා) ඵලදාවක් විය. එවිට ඔහු ඔහුගේ මිතුරා සමග සාකච්ඡාවේ යෙදිමින් ‘මම නුඹට වඩා ධනයෙන් අධික කෙනෙකි. තවද පුද්ගල වශයෙන් ද අති ගෞරවනීය කෙනෙකි’ යැයි පවසා සිටියේය.
තෆ්සීර්
එම වතු දෙකෙහි හිමිකරුහට වෙනත් ධන සම්පත් ද විය. ඔහුට බලපා ඇති සම්පතට රැවටී ඔහුගේ මිතුරු දේව විශ්වාසියා සමග ඒ ගැන කතා කරමින්, "මම නුඹට වඩා ධනයෙන් අධිකය. නුඹට වඩා අසල්වැසියන්ගෙන් ගෞරවනීයය. පවුලෙන් ඉතා ශක්තිමත්ය" යැයි පැවසීය.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න