සූරා 18 · ජුස් 15

Al-Kahf · 18:36

وَمَا أَظُنُّ السَّاعَةَ قَائِمَةً وَلَئِنْ رُدِدْتُ إِلَىٰ رَبِّي لَأَجِدَنَّ خَيْرًا مِنْهَا مُنْقَلَبًا

අවසන් හෝරාව සිදුවන්නක් බව ද මම නොසිතමි. මාගේ පරමාධිපති වෙත මම නැවත යොමු කරනු ලැබුව ද (එසේ) හැරී යන ස්ථානයේ මීට වඩා ශ්‍රේෂ්ඨ දෑ මම ලබන්නෙමි’ යැයි ඔහු පැවසුවේය.

තෆ්සීර්

සැබැවින්ම මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය සිදුවන්නක් බවත්, සැබැවින්ම එය සදාතනික ජීවිතය වන බවත්, එය අනිවාර්යයෙන්ම සිදුවන බවත් මම නොසිතමි. එහෙයින් මා යළි අවදි කරනු ලැබ මාගේ පරමාධිපති වෙත නැවත යොමු කරනු ලැබුව ද, ඔහු වෙත ලබා ගත් මාගේ මෙම වත්තට වඩා උතුම් දෙයක් මම නැවත ලබන්නෙමි. එහෙයින් මෙලොවෙහි මා පොහොසතෙකු ලෙස පත් කර තිබීම යළි අවදි කරනු ලැබුවායින් පසු මා පොහොසතෙකු වීම අනිවාර්යය කරනු ඇත.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න