සූරා 18 · ජුස් 15

Al-Kahf · 18:29

وَقُلِ الْحَقُّ مِنْ رَبِّكُمْ ۖ فَمَنْ شَاءَ فَلْيُؤْمِنْ وَمَنْ شَاءَ فَلْيَكْفُرْ ۚ إِنَّا أَعْتَدْنَا لِلظَّالِمِينَ نَارًا أَحَاطَ بِهِمْ سُرَادِقُهَا ۚ وَإِنْ يَسْتَغِيثُوا يُغَاثُوا بِمَاءٍ كَالْمُهْلِ يَشْوِي الْوُجُوهَ ۚ بِئْسَ الشَّرَابُ وَسَاءَتْ مُرْتَفَقًا

තවද සත්‍යය නුඹලාගේ පරමාධිපති ගෙන් යැයි නුඹ පවසනු. එහෙයින් කවරෙකු අභිමත කළේ ද ඔහු විශ්වාස කරත්වා ! තවද කවරෙකු අභිමත කළේ ද ඔහු ප්‍රතික්ෂේප කරත්වා ! නියත වශයෙන්ම අපි අපරාධකරුවන්ට (නිරා) ගින්නක් සූදානම් කර ඇත්තෙමු. එහි ගිනි දලු ඔවුන් ව වටලා ගෙන තිබේ. ඔවුහු (පිපාසය සඳහා) පිහිට පතන්නේ නම් මුහුණු දවාළන ලෝදිය මෙන් වූ පානයක් ඔවුනට පිහිට සඳහා දෙනු ලැබේ. එය නපුරු පානයක් විය. වාසස්ථානයෙන් ද නපුරු විය.

තෆ්සීර්

අහෝ දූතය! ඔවුන්ගේ හදවත්හි නොසැලකිලිමත්කම නිසා අල්ලාහ්ව මෙනෙහි කිරීම අතහැර දමන්නන් හට නුඹ මෙසේ පවසනු, "මා කවර දෙයක් සමග නුඹලා වෙත පැමිණියේ ද එය සැබෑවකි. එය මා වෙතින් නොව අල්ලාහ් වෙතිනි. දෙවියන් විශ්වාස කරන්නන් නෙරපා හරින මෙන් නුඹලා කරන ඉල්ලීමට පිළිතුරු දෙන්නෙකු ලෙස මා නැත. එහෙයින් නුඹලා අතරින් මෙම සත්යය විශ්වාස කරන්නට කැමති අය එය විශ්වාස කරත්වා! එහි ප්රතිඵල තුළින් ඔහු ප්රීති වනු ඇත. එමෙන්ම නුඹලා අතරින් එය ප්රතික්ෂේප කරන්නට කැමති අය එය ප්රතික්ෂේප කරත්වා! ඔහු ව බලාපොරොත්තුවෙන් ඇති දඬුවම පැමිණෙනු ඇත. තමන් විසින්ම දේව ප්රතික්ෂේපය තෝරාගත් අපරාධකරුවන්හට පවුරෙන් ඔවුන් වටකරගත් අතිමහත් ගින්නක් අපි සූදානම් කර ඇත්තෙමු. එයින් පළා යන්නට ඔවුහු ශක්තිය නොදරති. පිපාසය හේතුවෙන් ඔවුන් අත් විඳින අසීරුතාවය නිසා ඔවුන් ජලය පතා උදව් ඉල්ලුව ද දැඩි උෂ්ණත්වයෙන් කැළඹුණු තෙල් මෙන් දියරයක් ඔවුන් පොවනු ලබති. දැඩි උෂ්ණත්වය හේතුවෙන් ඔවුන්ගේ මුහුණු පිළිස්සී යයි. ඔවුනට පොවන ලද එම පානය පානයෙන් ඉතා අමිහිරිම පානයයි. එය පිපාසය නොසංසිඳුවන අතර එය තව තවත් වැඩි කරවයි. ඔවුන්ගේ හම් පුළුස්සා දමන ගිනි සිළු නිවී යන්නේ නැත. ඔවුන් ගොඩ බසින නවාතැනින් හා ඔවුන් පදිංචිවන ස්ථානයෙන් නිරය නපුරුම නවාතැනයි.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න