සූරා 18 · ජුස් 15

Al-Kahf · 18:28

وَاصْبِرْ نَفْسَكَ مَعَ الَّذِينَ يَدْعُونَ رَبَّهُمْ بِالْغَدَاةِ وَالْعَشِيِّ يُرِيدُونَ وَجْهَهُ ۖ وَلَا تَعْدُ عَيْنَاكَ عَنْهُمْ تُرِيدُ زِينَةَ الْحَيَاةِ الدُّنْيَا ۖ وَلَا تُطِعْ مَنْ أَغْفَلْنَا قَلْبَهُ عَنْ ذِكْرِنَا وَاتَّبَعَ هَوَاهُ وَكَانَ أَمْرُهُ فُرُطًا

තම පරමාධිපතිගේ තෘප්තිය අපේක්ෂාවෙන් උදේ සවස තම පරමාධිපතිට ප්‍රාර්ථනා කරන්නන් සමඟ නුඹ ද ඉවසා සිටිනු. මෙලොව ජීවිතයේ අලංකාරය ප්‍රිය කරමින් නුඹගේ දෑස් ඔවුන්ගෙන් ඉවතට යොමු නොකරනු. තම ආශාවන් අනුගමනය කළා වූ ද අප ව මෙනෙහි කිරීමෙන් ඔහුගේ හදවත නොසැලකිලිමත්භාවයට අප පත් කළා වූ ද අයට නුඹ අවනත නොවනු. තවද ඔහුගේ කරුණ අපතේ යන්නක් විය.

තෆ්සීර්

ප්රාර්ථනාවෙන් හා නැමදුමෙන් ඔවුන්ගේ පරමාධිපතිට ඇරයුම් කරමින් සිටින අය සමග නුඹ යහපත් සම්බන්ධතාවක් පවත්වා ගනු. දහවල් ආරම්භයේ හා එහි අවසානයේ අවංකව ඔවුන් ඔහුගෙන් ඉල්ලා සිටී. පොහොසත් හා ප්රභූවරුන්ගේ සභාවක් දැක නුඹගේ දෑස් ඔවුන්ගෙන් ඉවතට නොගනු. එම සභාවන් අවසානයේ තම හදවත් අප ව මෙනෙහි කිරීමට අමතක කර දමා, නුඹේ සභාවෙන් දිළිඳු ජනයා ඉවත් කරන මෙන් නුඹට අණ කරන, තම පරමාධිපතිට අවනතවන කටයුතුවලදී තමන්ගේ ආශාවන් අනුගමනය කරමින් කටයුතු ඉදිරිපත් කරන අයට නුඹ අවනත නොවනු. ඔහුගේ ක්රියාවන් නිෂ්ඵලය.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න