සූරා 18 · ජුස් 15

Al-Kahf · 18:27

وَاتْلُ مَا أُوحِيَ إِلَيْكَ مِنْ كِتَابِ رَبِّكَ ۖ لَا مُبَدِّلَ لِكَلِمَاتِهِ وَلَنْ تَجِدَ مِنْ دُونِهِ مُلْتَحَدًا

නුඹගේ පරමාධිපතිගේ ග්‍රන්ථයෙන් නුඹ වෙත හෙළිදරව් කරනු ලැබූ දෑ නුඹ පාරායනය කරනු. ඔහුගේ ප්‍රකාශයන් වෙනස් කරන්නෙකු නොමැත. තවද ඔහුගෙන් තොර ව සරණ පතන ස්ථානයක් ද නුඹ කිසිවිටෙක නොදකිනු ඇත.

තෆ්සීර්

අහෝ දූතය! අල් කුර්ආනයෙන් අපි නුඹ වෙත දන්වා සිටි දේව පණිවිඩ අනුව නුඹ කටයුතු කරනු. එම දේව වදන් වෙනස් කරන්නෙකු නැත. සැබැවින්ම ඒ සියලු දෑ සැබෑය. යුක්ති සහගතය. ඔහු වෙත හැර සරණ පැතීමට වෙනත් සරණක් නැත. ඔහුගෙන් මිස ආරක්ෂාව පැතීමට වෙනත් ආරක්ෂක ස්ථානයක් නැත.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න