සූරා 18 · ජුස් 15

Al-Kahf · 18:26

قُلِ اللَّهُ أَعْلَمُ بِمَا لَبِثُوا ۖ لَهُ غَيْبُ السَّمَاوَاتِ وَالْأَرْضِ ۖ أَبْصِرْ بِهِ وَأَسْمِعْ ۚ مَا لَهُمْ مِنْ دُونِهِ مِنْ وَلِيٍّ وَلَا يُشْرِكُ فِي حُكْمِهِ أَحَدًا

ඔවුන් රැඳී සිටි කාලය පිළිබඳ මැනවින් දන්නා අල්ලාහ්ය. අහස් හි හා මහපොළොවේ ගුප්තය ඔහු සතුය. ඒ පිළිබඳ ව (ඔහු) මහා නිරීක්ෂකය. සර්ව ශ්‍රාවකය. ඔහුගෙන් තොර ව කිසිදු භාරකරුවකු ඔවුනට නොමැත. ඔහුගේ පාලනයෙහි කිසිවකුව ඔහු හවුල් කර නොගනී.

තෆ්සීර්

ඔවුන්ගේ ලෙනෙහි ඔවුන් රැඳී සිටි කාලය මැනවින් දන්නා අල්ලාහ්ය. එහි ඔවුන් රැඳී සිටි කාලය පිළිබඳ තොරතුරු අපි දන්වා ඇත්තෙමු. ශුද්ධවන්තයාණන්ගේ ප්රකාශයෙන් පසුව වෙනත් ප්රකාශයක් නැත. මැවීමෙන් හා දැනුමෙන් අහස්හි සැඟවුණු දෑ ද, මහපොළොවේ සැඟවුණු දෑ ද සතු වන්නේ ඔහුටමය. ඒ කිසිවක් ඔහුව දැක නැත. නමුත් ඔහු ඒ සියල්ල දෙස නිරීක්ෂණය කරමින් සිටියි. ඒ කිසිවක් ඔහුට සවන් දෙන්නේ නැත. නමුත් ඔහු සියලු දෑට සවන් දෙන්නාය. ඔවුන්ගේ කටයුතු භාර කරන්නට ඔහු හැර වෙනත් භාරකරුවකු ඔවුනට නැත. ඔහුගේ ප්රඥාවේ කිසිවකු හවුල් නොවනු ඇත. ප්රඥාවෙන් ඔහු පමණක් ඛේවලය.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න