සූරා 18 · ජුස් 15
Al-Kahf · 18:23
وَلَا تَقُولَنَّ لِشَيْءٍ إِنِّي فَاعِلٌ ذَٰلِكَ غَدًا
යම් කරුණක් සඳහා නියත වශයෙන්ම මම එය හෙට දින සිදු කරන්නෙමි යැයි නුඹ නොපැවසිය යුතුය.
තෆ්සීර්
අහෝ නබිවරය! හෙට දින සිදු කරන්නට අපේක්ෂා කරන යමකට, "සැබැවින්ම හෙට දින මම මෙය කරමි" යැයි නුඹ නොපවසනු. ඊට හේතුව එය හෙට දින ඔබ සිදු කරනු ඇත් දැයි හෝ එය හා ඔබ අතර බාධකයක් ඇතිවේ දැයි හෝ ඔබ නොදන්නා බැවිනි. එය සෑම මුස්ලිම්වරුයකුටම අනිවාර්යය දෙයකි.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න