සූරා 18 · ජුස් 15
Al-Kahf · 18:22
سَيَقُولُونَ ثَلَاثَةٌ رَابِعُهُمْ كَلْبُهُمْ وَيَقُولُونَ خَمْسَةٌ سَادِسُهُمْ كَلْبُهُمْ رَجْمًا بِالْغَيْبِ ۖ وَيَقُولُونَ سَبْعَةٌ وَثَامِنُهُمْ كَلْبُهُمْ ۚ قُلْ رَبِّي أَعْلَمُ بِعِدَّتِهِمْ مَا يَعْلَمُهُمْ إِلَّا قَلِيلٌ ۗ فَلَا تُمَارِ فِيهِمْ إِلَّا مِرَاءً ظَاهِرًا وَلَا تَسْتَفْتِ فِيهِمْ مِنْهُمْ أَحَدًا
තිදෙනෙකි. ඔවුන්ගෙන් සිව්වැන්නා ඔවුන්ගේ සුනඛයා යැයි මතුවට ඔවුහු පවසති. තවද පස් දෙනෙකි. ඔවුන්ගෙන් සයවැන්නා සුනඛයා යැයි ගුප්ත දෑ පිළිබඳ උපකල්පනය කරමින් පවසති. තවද සත් දෙනෙකි. ඔවුන්ගෙන් අටවැන්නා ඔවුන්ගේ සුනඛයා යැයි පවසති. ඔවුන්ගේ සංඛ්යාව ගැන මැනවින් දන්නා මාගේ පරමාධිපතිය. ස්වල්ප දෙනෙකු හැර ඔවුන් පිළිබඳ නොදනිති යැයි නුඹ පවසනු. එහෙයින් හෙළි කරන්නා වූ කරුණු සම්බන්ධයෙන් හැර ඔවුන් විෂයයෙහි නුඹ තර්ක නොකරනු. ඔවුන් පිළිබඳ තීන්දු ඔවුන් කිසිවෙකුගෙන් නොඅසනු.
තෆ්සීර්
ඔවුන්ගේ කතා වස්තුව අධ්යයනය කළ ඇතැමුන් ඔවුන්ගේ සංඛයාව ගැන මෙසේ පවසා සිටියහ. "ඔවුන් තිදෙනෙකි. ඔවුන්ගේ සිව්වැන්නා ඔවුන්ගේ සුනඛයාය." තවත් ඇතැමෙකු, "පස් දෙනෙකි. ඔවුන්ගේ සය වැන්නා ඔවුන්ගේ සුනඛයාය" යැයි පවසති. මෙම පිරිස් දෙකම එසේ පවසා සිටිනුයේ කිසිදු සාධකයකින් තොර ව ඔවුන්ගේ අනුමානයන් අනුගමනය කරමිනි. තවත් ඇතැමෙකු, "ඔවුන් සත් දෙනෙකි. ඔවුන්ගේ අට වැන්නා ඔවුන්ගේ සුනඛයාය" යැයි පවසති. අහෝ දූතය! නුඹ ඔවුනට මෙසේ පවසනු. ඔවුන්ගේ සංඛ්යාව ගැන මැනවින් දන්නා අල්ලාහ්ය. ඔවුන්ගේ සංඛ්යාව ගැන අල්ලාහ් දිව්ය පණිවිඩ තුළින් දැනුම්වත් කළ අය අතරින් සුළු පිරිසකට මිස වෙනත් අය නොදනිති. ඔවුන්ගේ කරුණ සම්බන්ධයෙන් අපි නුඹ වෙත දන්වා සිටි දෑ මත පමණක් සීමාවෙමින් ගැඹුරට නොගොස් මතු පිටින් කරන වාදයකින් මිස ඔවුන්ගේ සංඛ්යාව ගැන හා ඔවුන්ගේ අනෙකුත් තත්ත්වයන් ගැන ආගම් ලත් ජනයා සමග වාද නොකරනු. ඔවුන් ගැන කරුණු විස්තර කරන මෙන් ඔවුන් කිසිවකුගෙන් ඉල්ලා නොසිටිනු. සැබැවින් ඔවුහු ඒ ගැන නොදනිති.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න