සූරා 18 · ජුස් 15
Al-Kahf · 18:21
وَكَذَٰلِكَ أَعْثَرْنَا عَلَيْهِمْ لِيَعْلَمُوا أَنَّ وَعْدَ اللَّهِ حَقٌّ وَأَنَّ السَّاعَةَ لَا رَيْبَ فِيهَا إِذْ يَتَنَازَعُونَ بَيْنَهُمْ أَمْرَهُمْ ۖ فَقَالُوا ابْنُوا عَلَيْهِمْ بُنْيَانًا ۖ رَبُّهُمْ أَعْلَمُ بِهِمْ ۚ قَالَ الَّذِينَ غَلَبُوا عَلَىٰ أَمْرِهِمْ لَنَتَّخِذَنَّ عَلَيْهِمْ مَسْجِدًا
ඔවුන්ගේ කරුණ සම්බන්ධයෙන් ඔවුන් අතර එකිනෙකා මතභේද ඇති කර ගත් අවස්ථාවේ නියත වශයෙන්ම අල්ලාහ්ගේ ප්රතිඥාව සැබෑය. තවද නියත වශයෙන්ම අවසන් හෝරාව, එහි කිසිදු සැකයක් නොමැති බව ඔවුහු දැන ගනු පිණිස එලෙස අපි ඔවුනට අනාවරණය කළෙමු. එවිට ඔවුන් වෙත නුඹලා ගොඩනැගිල්ලක් ඉදි කරනු යැයි ඔවුහු පවසා සිටියහ. ඔවුන් පිළිබඳ ව මැනවින් දන්නා ඔවුන්ගේ පරමාධිපතිය. ඔවුන්ගේ කරුණ සම්බන්ධයෙන් පමණ ඉක්මවා ගියවුන් ඔවුන් වෙනුවෙන් අපි මස්ජිදයක් (ඉදි කර) ගනිමු යැයි පැවසුවෝය.
තෆ්සීර්
ඔවුන් වසර ගණනාවක්ම නිදන්නට යෑමට සලස්වා, පසු ව ඔවුන් අවදි කිරීමෙන් අපගේ ශක්තිය පෙන්වා දෙන අරුම ක්රියා පටිපාටියකින් අපි ඔවුන් සමග කටයුතු කළාක් මෙන්ම එවක විසූ නගරවාසීන් ඔවුන් දෙස අවධානය යොමු කරන්නට ඉඩ සැලසීය. එය සැබැවින්ම දේව විශ්වාසීන්ට උදව් කරන බවට හා ඔවුන් නැවත නැගිටුවනු ලබන බවට දුන් අල්ලාහ්ගේ ප්රතිඥාව සත්යය බවත් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දින කිසිදු සැකයකින් තොර ව පැමිණෙන බවත් ඔවුන්ගේ එම නගරවාසීන් දැනගනු පිණිසය. ලෙන් වාසීන්ගේ කරුණ හෙළි වී ඔවුන් මිය ගිය කල්හි, ඔවුන් දෙස දුටුවන් ඔවුනට කුමක් කළ යුතු දැයි? මතභේද ඇති කර ගත්තෝය. ඔවුන් අතරින් පිරිසක්: "ඔවුන්ගේ ලෙන් දොරටුව අබියස ඔවුන් ආවරණය වන පරිදි හා ඔවුන් ආරක්ෂාවන පරිදි ගොඩනැගිල්ලක් ඉදි කරනු. ඔවුන්ගේ තත්ත්වය මැනවින් දන්නා අල්ලාහ්ය සැබැවින්ම ඔවුන්ගේ තත්ත්වය ඔහු වෙතින් ඔවුනට අත්වූ සුවිශේෂී සිදුවීමකි." යැයි පැවසූහ. කිසිදු දැනුමක් හෝ නිවැරදි පැතුමක් හෝ නැති ධනය ඇත්තන් "ඔවුනට ගරු කිරීමක් වශයෙන් හා ඔවුන්ගේ ස්ථානය අනුස්මරණ කිරීමක් වශයෙන් නැමදුම සඳහා මස්ජිදයක් ඉදි කර ගනිමු" යැයි පැවසූහ.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න