සූරා 18 · ජුස් 15

Al-Kahf · 18:20

إِنَّهُمْ إِنْ يَظْهَرُوا عَلَيْكُمْ يَرْجُمُوكُمْ أَوْ يُعِيدُوكُمْ فِي مِلَّتِهِمْ وَلَنْ تُفْلِحُوا إِذًا أَبَدًا

නියත වශයෙන්ම නුඹලා ව ඔවුන් දුටුවේ නම් ඔවුන් නුඹලා ව ගල් ගසා මරනු ඇත. එසේ නැතහොත් ඔවුන්ගේ දහම තුළට නැවත නුඹලා ව හරවා ගනු ඇත. එවිට නුඹලා කිසිවිටෙක ජය නොලබන්නෙහුය.

තෆ්සීර්

සැබැවින්ම නුඹලාගේ ජනයා නුඹලා දෙස බලා නුඹලාගේ ස්ථානය හඳුනා ගත්තේ නම් නුඹලාට ගල් ගසා මරා දමනු ඇත. එසේ නැතහොත් අල්ලාහ් නුඹලාට සත්ය දහම වෙත මග පෙන්වීමට පෙර නුඹලා කවර විකෘති පිළිවෙතක සිටියේ ද ඒ වෙත ඔවුන් නුඹලාව නැවත හරවනු ඇත. එසේ නුඹලා ඒ වෙත හැරී ගියේ නම්, මෙලොව ජීවිතයේ මෙන්ම මතුලොව ජීවිතයේ කිසිවිටෙක නුඹලා ජය නොලබනු ඇත. අල්ලාහ් නුඹලාට මග පෙන්වා ඇති සත්ය දහම අතහැර එම විකෘති පිළිවෙත වෙත නුඹලාට නැවත හැරී යාම හේතුවෙන් නුඹලා දෙලොවෙහිම පාඩු විදින්නන් ලෙසින් පරජයට පත් වන්නෙහුය.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න