සූරා 18 · ජුස් 15

Al-Kahf · 18:19

وَكَذَٰلِكَ بَعَثْنَاهُمْ لِيَتَسَاءَلُوا بَيْنَهُمْ ۚ قَالَ قَائِلٌ مِنْهُمْ كَمْ لَبِثْتُمْ ۖ قَالُوا لَبِثْنَا يَوْمًا أَوْ بَعْضَ يَوْمٍ ۚ قَالُوا رَبُّكُمْ أَعْلَمُ بِمَا لَبِثْتُمْ فَابْعَثُوا أَحَدَكُمْ بِوَرِقِكُمْ هَٰذِهِ إِلَى الْمَدِينَةِ فَلْيَنْظُرْ أَيُّهَا أَزْكَىٰ طَعَامًا فَلْيَأْتِكُمْ بِرِزْقٍ مِنْهُ وَلْيَتَلَطَّفْ وَلَا يُشْعِرَنَّ بِكُمْ أَحَدًا

තවද එලෙස ඔවුන් අතර ඔවුන් එකිනෙකා විමසා ගනු පිණිස ඔවුන් ව අපි අවදි කළෙමු. ඔවුන් අතුරින් ප්‍රකාශකයකු ‘නුඹලා කොපමණ කාලයක් රුඳුණෙහු දැයි විමසා සිටියේය. අපි දිනක් හෝ දිනකින් කොටසක් හෝ රැඳී සිටියෙමු’ යැයි ඔවුහු පැවසුවෝය. ‘නුඹලා රැඳී සිටි කාලය පිළිබඳ මැනවින් දන්නා නුඹලාගේ පරමාධිපතිය. එහෙයින් නුඹලාගෙන් කෙනෙකු නුඹලාගේ මෙම කාසි සමග නගරයට එවනු. එහි වඩා පිවිතුරු ආහාරයක් බලා එයින් පෝෂණය (ආහාරය) නුඹලා වෙත ඔහු ගෙනෙත්වා ! තවද ඔහු ප්‍රවේශමෙන් සිටිත්වා ! නුඹලා පිළිබඳව කිසිවෙකුට ඔහු නොහැඟිවිය යුතුය’ යැයි ඔවුහු පැවසුවෝය.

තෆ්සීර්

අප සඳහන් කළ පරිදි අපගේ බලයේ අරුමයෙන් අප ඔවුනට එසේ සිදු කළාක් මෙන්ම දිගු කලකට පසු ව තමන් නින්දට වැටුණු කාලය ඔවුන්ගෙන් ඇතමෙක් ඇතැමෙකුගෙන් විමසා සිටින පරිදි අපි ඔවුන් අවදි කළෙමු. ඔවුන්ගෙන් ඇතැමෙකු පිළිතුරු දෙමින් "දිනක් හෝ දින භාගයක් අපි නින්දට වැටුණෙමු" යැයි පැවසීය. තමන් නින්දට වැටී සිටි කාලය පිළිබද පැහැදිලිතාවක් නොමැති තවත් ඇතැමෙකු මෙසේ පැවසීය. "නුඹලා නින්දෙන් රැඳී සිටි කාලය මැනවින් දන්නේ නුඹලාගේ පරමාධිපතිය. ඒ පිළිබඳ දැනුම ඔහු වෙත යොමු කරනු. නුඹලාට අවශ්යවන දෑහි නුඹලා නිරත වනු. රිදී කාසි කිහිපයක් සමග නුඹලාගේ සුපුරුදු නගරයට නුඹලා අතරින් කෙනෙකු යවා වඩාත් නැවුම් ආහාර හා වඩාත් හොඳින් උපයන කෙනෙකු සොයා බලනු. ඔහුගෙන් ආහාර ලබා නුඹලා වෙත ඔහු ගෙන ආ යුතුය. ඇති විය හැකි මහත් හානිය හේතුවෙන් ඔහු වෙත පිවිසීමේදීත් පිටත් වීමේදීත් ගනුදෙනු කිරීමේදී ප්රවේශම් විය යුතුය. උපායශීලී විය යුතුය. නුඹලාගේ ස්ථානය දැන ගන්නට කිසිවකුට ඉඩ නොහැරිය යුතුය.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න