සූරා 18 · ජුස් 15

Al-Kahf · 18:18

وَتَحْسَبُهُمْ أَيْقَاظًا وَهُمْ رُقُودٌ ۚ وَنُقَلِّبُهُمْ ذَاتَ الْيَمِينِ وَذَاتَ الشِّمَالِ ۖ وَكَلْبُهُمْ بَاسِطٌ ذِرَاعَيْهِ بِالْوَصِيدِ ۚ لَوِ اطَّلَعْتَ عَلَيْهِمْ لَوَلَّيْتَ مِنْهُمْ فِرَارًا وَلَمُلِئْتَ مِنْهُمْ رُعْبًا

තවද නුඹ (ඔවුන් දුටුවේ නම්) ඔවුන් අවදි ව සිටින්නන් යැයි නුඹ සිතනු ඇත. නමුත් ඔවුහු නිදන්නන්ය. තවද අපි දකුණු දෙසටත් වම් දෙසටත් ඔවුන් පෙරළෙන්නට සැලැස්වූයෙමු. ඔවුන්ගේ සුනඛයා තම පෙර පාද දෙක දිගු කරමින් එළිපත මත විය. නුඹ ඔවුන් වෙත එබී බැලුවෙහි නම් ඔවුන්ගෙන් නුඹ වේගයෙන් පලා යනු ඇත. තවද ඔවුන් පිළිබඳ භීතියෙන් නුඹ පිරෙනු ඇත.

තෆ්සීර්

ඔවුන් දෙස අධීක්ෂණයෙන් බලන්නනි! සැබැවින්ම ඔවුන් නින්දෙන් පසුවුව ද ඔවුන්ගේ දෑස් විවෘත ව ඇති බැවින් ඔවුන් අවදිව සිටින්නන් ලෙස ඔබ සිතනු ඇත. ඔවුන්ගේ ශරීර මහපොළොව කා නොදමන පරිදි ඔවුන්ගේ නින්දෙහි විටෙක දකුණු දෙසටත් විටෙක වම් දෙසටත් අපි ඔවුන් හැරෙව්වෙමු. ලෙන පිවිසුමෙහි ඔවුන්ගේ සුනඛයා ද උගේ ඉදිරිපස පාද දිගු කරමින් සිටියේය. නුඹ ඔවුන් දෙස එඹී බලා දෑසින් දුටුවේ නම් ඔවුන් ගැන ඇති බියෙන් ඔවුන්ගෙන් නුඹ පළා යනු ඇත. ඔවුන් ගැන ත්රාසයක් නුඹේ සිත් තුළ පිරෙනු ඇත.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න