සූරා 18 · ජුස් 15
Al-Kahf · 18:17
۞ وَتَرَى الشَّمْسَ إِذَا طَلَعَتْ تَزَاوَرُ عَنْ كَهْفِهِمْ ذَاتَ الْيَمِينِ وَإِذَا غَرَبَتْ تَقْرِضُهُمْ ذَاتَ الشِّمَالِ وَهُمْ فِي فَجْوَةٍ مِنْهُ ۚ ذَٰلِكَ مِنْ آيَاتِ اللَّهِ ۗ مَنْ يَهْدِ اللَّهُ فَهُوَ الْمُهْتَدِ ۖ وَمَنْ يُضْلِلْ فَلَنْ تَجِدَ لَهُ وَلِيًّا مُرْشِدًا
හිරු උදා වූ විට ඔවුන්ගේ ලෙනින් දකුණු දෙසට එය නැඹුරුවීමත් එය අවරට ගිය විට වම් දෙසින් ඔවුන් ව මග හැරීමත් නුඹ දකිනු ඇත. ඔවුහු එහි පුළුල් ස්ථානයක වූහ. එය අල්ලාහ්ගේ සංඥාවන් අතුරිනි. අල්ලාහ් කවරෙකු යහ මග යොමු කරන්නේ ද ඔහු යහ මග ලැබූවෙක්මය. තවද ඔහු කවරෙකු නොමග හැරියේ ද එවිට ඔහු වෙනුවෙන් මග පෙන්වන භාරකරුවකු නුඹ නොදකිනු ඇත.
තෆ්සීර්
නුඹලාට කවර කරුණක් නියෝග කරනු ලැබුවේ ද එය පිළිපදිනු. අල්ලාහ් ඔවුන්හට නින්ද ඇති කළේය. ඔවුන්ගේ සතුරන්ගෙන් ඔහු ඔවුන් ආරක්ෂා කළේය. ඔවුන් ව දකින්නනි! හිරු නැගෙනහිරෙන් උදා වූ විට එය ඔවුන්ගේ ලෙනින් එහි දකුණුපස පිවිසුම් දෙසට නැඹුරු වෙයි. එය බටහිරින් අවරට යන විට වම්පස දිශාවට එයින් වෙනස්ව පවතියි. එවිට ඔවුනට එය අත්වන්නේ නැත. එහෙයින් ඔවුන් නිරන්තරයෙන්ම හෙවණෙහි පසුවූහ. හිරුගේ රෂ්ණය ඔවුනට බලපෑමක් ඇති කළේ නැත. ඔවුන් ලෙනෙහි සුව පහසුවෙන් කල් ගත කළහ. ඔවුනට අවශ්ය වූ විට සුළඟ හැමීය. ඔවුන් සිටි ස්ථානයේ සිට ලෙන වෙත පිවිසීම, ඔවුන් මත නින්ද ඇති කිරීම, හිරු ඔවුන්ගෙන් හැරවීම, ඔවුන්ගේ ස්ථානය සුවපහසුකම් සහිත වීම සහ ඔවුන්ගේ ජනයාගෙන් ඔවුන් මුදවා ගනු ලැබීම යනාදී මෙම ප්රාතිහාර්යයම කරුණු අල්ලාහ්ගේ ක්රියාදාමය ඔහුගේ බලය පෙන්වා දෙන්නකි. අල්ලාහ් කවරෙකුට යහමග වෙත ආශිර්වාද කරන්නේ ද සැබෑ ලෙසින්ම ඔහු මඟ ලැබූවකි. කවරෙකු ඔහු එයින් පහත හෙළා නොමග යන්නට ඉඩ හරින්නේද ඔහුට යහමග ආශිර්වාද කොට ඒ වෙත මග පෙන්වන කිසිදු උදව් කරුවකු ඔහු නොලබන්නේමය. සැබැවින්ම ඊට හේතුව යහමග අල්ලාහ්ගේ අතෙහි ඇත්තකි. ඔහු අතෙහි නැති බැවිණි.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න