සූරා 18 · ජුස් 15

Al-Kahf · 18:16

وَإِذِ اعْتَزَلْتُمُوهُمْ وَمَا يَعْبُدُونَ إِلَّا اللَّهَ فَأْوُوا إِلَى الْكَهْفِ يَنْشُرْ لَكُمْ رَبُّكُمْ مِنْ رَحْمَتِهِ وَيُهَيِّئْ لَكُمْ مِنْ أَمْرِكُمْ مِرْفَقًا

තවද නුඹලා ඔවුන්ගෙන් හා අල්ලාහ්ගෙන් තොරව ඔවුන් නමදිමින් සිටි දැයින් ඉවත් වූ විට (ආරක්ෂාව පතා) ලෙන තුළට නුඹලා පිවිසෙනු. නුඹලාගේ පරමාධිපති ඔහුගේ කරුණාව ඔහු නුඹලා වෙත විහිදු වනු ඇත. තවද නුඹලාගේ විෂයයන් නුඹලාට පහසු බවට පත් කරනු ඇත.

තෆ්සීර්

නුඹලාගේ ජනයාගෙන් නුඹලා ඉවත් ව, ඔවුන් නමදිමින් සිටි දෑ අතහැර, අල්ලාහ්ට පමණක් මිස වෙනත් කිසිවකුට නැමදුම් නොකොට, නුඹලාගේ දහමට අගතියක් වීම හේතුවෙන් පළා ගොස් ලෙන තුළට නුඹලා රිංගා ගත් අවස්ථාවේ නුඹලාගේ පරමාධිපති ඔහුගේ දයාව පතුරුවා නුඹලාගේ සතුරන්ගෙන් නුඹලාව ආරක්ෂා කළේය. නුඹලාගේ විෂයය සම්බන්ධයෙන් ඔහු, එම ජනයා අතර නුඹලා ජීවත් වීමෙන් දුරස් කොට ඒ වෙනුවට නුඹලාට ප්රයෝජනය ලබන දෑ වෙනස් කොට ඔහු නුඹලාට පහසු කළේය.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න