සූරා 18 · ජුස් 15
Al-Kahf · 18:24
إِلَّا أَنْ يَشَاءَ اللَّهُ ۚ وَاذْكُرْ رَبَّكَ إِذَا نَسِيتَ وَقُلْ عَسَىٰ أَنْ يَهْدِيَنِ رَبِّي لِأَقْرَبَ مِنْ هَٰذَا رَشَدًا
අල්ලාහ් අභිමත කරන්නේ නම් මිස. තවද නුඹට අමතක වී නම් නුඹගේ පරමාධිපති ව මෙනෙහි කරනු. තවද මාගේ පරමාධිපති මීට වඩා සමීප මග පෙන්වීමකින් මට මග පෙන්වන්නට පුළුවනැයි නුඹ පවසනු.
තෆ්සීර්
‘ඉන්ෂා අල්ලාහ් - අල්ලාහ් අභිමත කළේ නම්- මම එය හෙට සිදු කරමි’ යනුවෙන් අල්ලාහ්ගේ අභිමතය හා සම්බන්ධකොට පවසනවාක් මිස. "ඉන්ෂා අල්ලාහ්" යැයි නුඹ පවසමින් නුඹේ පරමාධිපතිව මෙනෙහි කරනු. නුඹට එය පැවසීමට අමතක වී නම් "මගපෙන්වීමක් වශයෙන් හා ආශිර්වාදයක් වශයෙන් මාගේ පරමාධිපති මෙම කටයුත්ත ඉතා ඉක්මණින් සිදු කරන්නට මට මග පෙන්වනු ඇතැයි මම බලාපොරොත්තු වෙමි" යැයි පවසනු.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න