සූරා 17 · ජුස් 15
Al-Isra · 17:99
۞ أَوَلَمْ يَرَوْا أَنَّ اللَّهَ الَّذِي خَلَقَ السَّمَاوَاتِ وَالْأَرْضَ قَادِرٌ عَلَىٰ أَنْ يَخْلُقَ مِثْلَهُمْ وَجَعَلَ لَهُمْ أَجَلًا لَا رَيْبَ فِيهِ فَأَبَى الظَّالِمُونَ إِلَّا كُفُورًا
අහස් හා මහපොළොවේ මැවුම්කරු වූ අල්ලාහ් ඔවුන් මෙන් දෑ මැවීමට ශක්තිය ඇත්තා බව ඔවුහු නොදුටුවෝ ද? තවද ඔවුනට නියමිත කාලයක් ඔහු ඇති කළේය. එහි කිසිදු සැකයක් නැත. නමුත් අපරාධකරුවෝ දැඩි ප්රතික්ෂේපකයින් ලෙස මිස එය පිළිගත්තේ නැත.
තෆ්සීර්
සැබැවින්ම අහස් හා මහපොළොව යන අතිමහත් මැවීම් මැවූ අල්ලාහ් ඔවුන් නැවත මැවීමට බලය ඇත්තා බව මළවුන් කෙරෙන් නැවත නැගිටුවනු ලැබීම ප්රතික්ෂේප කරන මොවූහු නොදන්නෙහු ද? අති මහත් මැවීමක් මැවීමට ශක්තිය ඇත්තාට ඊට වඩා අඩු දෙයක් මැවීමට වඩාත් ශක්තිය ඇත්තාය. මෙලොවෙහි ඔවුන්ගේ ආයු කාලය නිමා කරවන නියමිත කාලයක් අල්ලාහ් ඔවුනට නියම කළේය. එමෙන්ම කිසිදු සැකයකින් තොරව ඔවුන් යළි අවදි කිරීම සඳහා ද නියමිත කාලයක් ඔවුන් වෙනුවෙන් නියම කර ඇත්තේය. යළි නැගිටුවීම පිළිබඳ සාධක එළිපිට තිබියදී එම සාධක පැහැදිළි ව තිබියදී දෙවියන්ට ආදේශ කරන්නන් යළි නැගිටුවීම තරයේ ප්රතික්ෂේප කරති.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න